Friday, July 7, 2017

කොයි දෙයියො

දෙයියො සහ දේවාලවල කපුවො

ජනතාව දෙවියන් අදහන්නේ ඇයි? දේවාල ගාණේ යන්නේ ඇයි? කාරණා දෙකකට. දැන් ඉන්න හැටියට වඩා හොඳ හැටියක් කරගන්න. එහෙම නැත්නම් තමන්ට ඉදිරියට වෙන්න තියෙන්නෙ මොන වගේ සුගතියක්ද, දුගතියත්ද කියලා බලන්න. දැනගන්න.
අපි හිතමු දියවැඩියා රෝගියෙක් ගැන. ඔහුට ඔහුගේ රෝගය ගැන වෛද්‍ය වාර්තා තිබෙනවා. නමුත් ඔහු එයින් සෑහීමකට පත්වන්නේ නැහැ. ඔහු ඔන්න හොයනවා වෙනත් අදෘශ්‍යමාන බලයක්. එවිටයි ඔහුට හාස්කම් සහිත දෙවිකෙනෙක් අසවල් දේවාලෙ ඉන්නවාය කියලා දැනගන්න ලැබෙන්නෙ.
අසරණ වීම තමයි පිළිසරණ පතා දෙවියන් වෙත යෑමට මූලික හේතුව වෙන්නෙ.
නමුත් දෙවියන්ට කළ හැකි කිසිම කෙන්ගෙඩියක් නැහැ.‍දෙවියන් නිර්මාණය කරලා ‍තියෙන්නෙ මිනිසුන්. බලන්න චීk ජපන් දෙවිවරු. ඒවා චීන මුහුණු. ජපන් ඇස්. බලන්න  දකුණූ ඉන්දියානු මුහුණු සහිත දෙවිවරු.
විද්‍යාව දියුණු නැති කාලෙ, විචාර බුද්ධියක් තොතිබූ කාලෙ, මිනිස්සු සිතෙන් මවාගත්ත දේව රූප, මූර්ති නිර්මාණය කළා. මුහුණු 6ක් අත් දොළහක් අවිආයුධ දොළහක් එක දෙවියකුට. දෙවියන්ට වාහනේකුත් දුන්නා. ඒ කාලෙ අද වගේ හයිබ්‍රිඩ් වාහන නොතිබුණු නිසා පොදු, බහුල සතෙක් වාහනය හැටියට දුන්නා. අශ්වයා, මීයා, ගුරුලා, මොනරා එවැනි සත්ව වාහන කිහිපයක්. මේ වාහන කිසිදාක නැති වෙන්නේ නැහැ. පරණ වෙන්නෙත් නැහැ.නමුත් වඳ වෙන්න පුළුවනි. සරුසාර බව මිනිසුන්ට ඕනෑ නිසා එක දෙවියකුට ලොකු බඩගෙඩියකුත් දීලා තියෙනවා. අද දේව රූපයක් හැදුවොත් අත් දොළහටම ටී.56, ඒ.කේ 50 වගේ නවීන අවිආයුධ දෙන්න පුළුවන්., පතුරනුත් එක්ක. වාහනත් අලුතින්ම දෙන්නත් පුළුවන් ඉන්ධන හොඳට වැඩකරන. ඒ විතරද දෙවියා ඩිජිටල් කරලම දෙන්න පුළුවනි.
ඊළඟට දේවාලෙ ගැන බලමු. ජාවාරම් කරන කපුවො කට්ටියකුත් ඉන්නවනෙ. ඔවුන්ගේ පාරිභෝගිකයන් ඉන්නේ මිථ්‍යාවෙන් අන්ධ තත්ත්වෙක. දේවාලයක් පහසුවෙන් හඳුනාගන්න පුළුවනි. මිදුලේ කුකුල්ලු. වේළෙන්න දාපු කොප්පරා. අර කුකුල්ලු පංඬුරු විදිහට ගෙනාපුවා. පොල් දෙවියන් ඉදිරියේ ගහන්න ගෙනාපුවා කොප්පරා වෙලා.. දේවාලෙට ඇතුළු වෙනකොටම දකින්න ලැබෙන්නෙ පච්ච වර්ණ. තද රතු, තද නිල්. කළු වගේ පාට තිරරෙදි. ලා වර්ණ නැහැ. කපුවා පාරිභෝගිකයන් හමුවට එන්නෙ නාලා. වතුර බේරිබේරි. ඇයි ඉතින් පේ වෙච්ච බව පේන්න එපැයි. කුඩා සීනුවක් නාද කරවමින් නොතේරෙන මන්තර වගයක් මතුරනවා. ඒවා දෙමළ මන්තර. පාරිභෝකියා අන්දමන්ද වෙලා. ඊළඟට එක දිගට කියන යම්යම් දේ අතර කලින් වර්ගීකරණය කරපු ප්‍රශ්නවලින් තෝරාගත් ප්‍රශ්න වැලක් අහනවා. අන්තිමට ‘’ මේ කියන දේ ඇත්තද! ඇත්ත නම් ඇත්ද කියලත්, බොරුනම් බොරු කියලත් කියන්න කියලා අණක් වගේ එකක් කරනවා. ඉතින් ඒ අසරණ පාරිභෝගිකයා නිකම්ම ඔව් කියලා ඔළුව වනනවා. ඊට පස්සෙ කපුවා ඔහුගෙ බෙල්ලෙන්ම අල්ලා ගන්නවා. මෙහෙම කියන්න පුළුවනි.
 ‘ දැන් ඉතින් ඔය ඇත්තගේ ලෙඩා ඉස්පිරිතාලෙන් ගෙදර අරන් යන්න”
බෙහෙත් නොකර ඉස්පිරිතාලෙන් ගෙදර අරන් ගිය ලෙඩා අන්තිමේ මියයනවා. දෙවියො පිහිට වුණාද? නැහැ.
මිනිස් සිත හා එහි බලය ඉතා ප්‍රබලයි. ඕනෑම කෙනකුට පුළුවනි සිත ව්‍යාධියට පත්කරගන්න. සලිත කරගන්න. තමතමන්ට තමතමන්ගෙම සිත පාලනය කරගන්න බැරි වීම තමයි මේ සේරටම මුල. විකාරයට පත් වෙලා ලෙඩ වෙලා තියෙන සිත නිසා ඕනෑම සෙවලයකුට දෝත් මුදුන් දීලා වැඳලා  අනේ දෙයියනේ කියලා පිහිටක් යදිනව.

බුදුන් කියන උතුම් මනුස්සයත් අමතක කරලා. එක්කො ඒ උත්තමයත් දෙවියෙක් කරලා. අසූ අට රියන් පිළිම හදලා මේකප් කරලා.

Wednesday, July 5, 2017

Sampath Bank Poya TV commercial

මිලදී ගත් බුදුන්

මිලදී ගත් බුදුන්

වැයකර මුදල් ගැනුමට ගියේ උදෙන්
හෙට්ටුම කළේ ගාණ තිබුණු නිසා උඩින්
දමනය නොවන වෙළෙන්දෙකි ඔහු නම්
ලාභයක් නැතිව කොහොම විකුණන්නද බුදුන්

රැගෙන පිළිමය ගෙන ගොස් ගෙදර බැණබැණ සිතින්
පුංචි වීදුරු පෙට්ටියක හිඳුවා තබා ඒ බුදුන්
බිතෙක ඇණයක් ගසා එල්ලා තරමක උඩින්
මැටි පහනක් තැබුවේ දැල්වෙන්න නෙක පැතුම්


Featured Post

සතර පාරාජිකා හඳුනාගන්න

i;r mdrdðld y`ÿkd.kak jhi wjqreÿ 18 iïmQ¾K ù .sh miq ´kEu jhil§ meúoaol=g Wmiïmodjg m;aúh yelsh' th iïmQ¾Kfhkau úkhl¾uhls&...