Wednesday, December 30, 2015

ජගත් රණතුංගට මාධ්‍ය ශිරෝමණී ලංකාපුත්‍ර ගෞරව සම්මානය



ජගත් රණතුංගට මාධ්‍ය ශිරෝමණී ලංකාපුත්‍ර ගෞරව සම්මානය


ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ 45 වන සංවත්සරය නිමිතිකොට 2015 දෙසැම්බර් 25 වැනිදා හෝමාගම පුරාණ විහාරයේදී ත්‍රයිනිකායික මහා සංඝරත්නයේ අනුමතියෙන්  මහත් උත්සවශ්‍රීයෙන් පවත්වන්නට යෙදුණු සම්මාන ප්‍රදාන උළෙලේදී  ඉරිදා ලංකාදීප මාධ්‍යවේදී ජගත් රණතුංග මහතාට මාධ්‍ය ශිරෝමණී ලංකා පුත්‍ර" යන ගෞරව සම්මාන සන්නස් පත්‍රය පිරිනැමිණ.
ඔහු විසින් බුදු සසුනේ අභිවෘද්ධියට කරන ලද මාධ්‍ය මෙහෙවර අගයා මෙකී සම්මානය පිරිනැමුණේ අමරපුර මහනිකායේ සාමග්‍රී මහා සංඝ සභාවේ සභාපති ධුරන්ධර අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමිපාණන් වහන්සේ අතිනි.

ජගත් රණතුංග 2005 සිට 2009 දක්වා ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතේ බෞද්ධ පිටුව 'බොදුමිණ' නමින් සෑම සඳුදා දිනකම පිටුවක් සංස්කරණය කළ අතර ඊට පෙර බුදුනු නමින් මාසික සඟරාවක්ද සෑම පසළොස්වක පෝදාකම පුරා වසරක් තිස්සේ ප්‍රධාන සංස්කාරක වී කටයුතු කළේය. එසේම ඔහු කලක් අමරපුර මහ නිකායේ නිල පුවත් සඟරාව 'අමරපුර' නමින් සංස්කරණය කළේ  අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස  අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟය. මේ අතර නොයෙකුත් බොදු දෙසුම් පවත්වමින් බොදුනුවන්ගේ බුද්ධිය අවදි කිරීමට මහත් වෙහෙසක් දරන රණතුංග මහතා මේ වන විට 'බුදුනු' නමින් බ්ලොග් අඩවියක් නිමවා පවත්වාගෙන යන්නේ බුදු දහම  නොයෙකුත් පලිබෝධයන්ගෙන් බේරාගැනීමටය. ඔහු හුදෙක් ධර්මපාල චින්තනයෙන් අදාළ කරගන්නේ පරෝපකාරයම වන අතර හැකි තරම් ධර්ම දානය දීමේ මෙහෙවරක යෙදේ. ඔහු බොහෝ ධර්මධර, විනයධර මෙන්ම සිව්පිළිසිඹියා පත් ස්වාමීන් වහන්සේගේ ඇසුරට  ප්‍රියබවක් දක්වයි. ඔහුගේ බ්ලොග් අඩවිය- veherabima.blogspot.com වෙයි.
කේ. පටබැඳිගේ




No comments:

Post a Comment

Featured Post

සතර පාරාජිකා හඳුනාගන්න

i;r mdrdðld y`ÿkd.kak jhi wjqreÿ 18 iïmQ¾K ù .sh miq ´kEu jhil§ meúoaol=g Wmiïmodjg m;aúh yelsh' th iïmQ¾Kfhkau úkhl¾uhls&...